මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජාලිස්කෝ හි කාටෙල් නායක නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස්, නොහොත් “එල් මෙන්චෝ” ඝාතනය කිරීමේ මෙහෙයුමක් සඳහා එක්සත් ජනපදය මෙක්සිකානු රජයට බුද්ධි සහාය ලබා දුන් බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
“මෙක්සිකෝවේ ජාලිස්කෝ හි තල්පල්පා ඝාතන මෙහෙයුමට සහාය වීම සඳහා එක්සත් ජනපදය මෙක්සිකානු රජයට බුද්ධි සහාය ලබා දුන් බවත්, එහිදී ජාලිස්කෝ නව පරම්පරාවේ කාටෙල් හි කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ නායකයෙකු වූ නෙමේසියෝ ‘එල් මෙන්චෝ’ ඔසෙගුරා සර්වන්ටෙස් ඝාතනය කළ බවත් ” ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් X හි සඳහන් කළේය.

