ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබද ජාත්‍යන්තර සමුළුවට ( A.I. Impact summit ) සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස , එම සංචාරය නිමාවට පත් කරමින් ඊයේ (20) රාත්‍රී යළිත් දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
රාත්‍රී 10.04 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් මෙසේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් තිබුණි .

