මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතය.
ඒ අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදීය. මෙහි අරමුණ වන්නේ වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමයි.
මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.
වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.

