ඉන්දීය AI Impact සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිළිගත් අවස්තාව මෙහි දැක්වේ.
මෙම හමුව නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී සිදු විය.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
“AI Impact Summit 2026” සමුළුව සඳහා සභගිවීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයින් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර මෙම සමුළුව පැවැත්වේ.
දින පහක් පුරා පැවැත්වෙන සමුළුව සදහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටින බව සඳහන්ය.


