දුම්රිය වැඩ වර්ජනය අවලංගු කරයි

0
58

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

ඒ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවූ බව එහි ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේය.