මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

0
2

NEWSNOW | – මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

මියයනවිට 91 වන වියෙහි පසුවූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා තිබේ.

1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here