තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අද (12) පෙරවරුවේ එම පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම කටයුතු අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන තිබිණි.
ඒ අනුව අද දින කාර්යාල පරිශ්‍රයට පැමිණි අයට ලබන සඳුදා (16) දින පැමිණ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් සුපුරු පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

