මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ 12 දෙනෙකුට මරණ දඬුවම

0
1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකුට ගම්පහ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

මෙම සිදුවීම 2022 මැයි 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී සිදු වූ අතර, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා යන දෙදෙනාම මැර ප්‍රහාරයකින් මිය ගියහ. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

විමර්ශනයෙන් පසුව, නීතිපතිවරයා විසින් ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 42 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ චෝදනා ගොනු කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසු, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here