විස්සයි 20 තරගයට අදාළව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
පාකිස්තාන රජය විසින් මින් පෙර මෙම තරගයට එක් නොවීම සම්බන්ධව ගත් තීරණය පසුව ශ්‍රී ලංකාවේ මැදිහත් වීමෙන් වෙනස් කිරීමට හැකිවීම රජයක් ලෙස අගයන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගනිමින් රටවල් අතර මිත්‍රත්තවය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේදී රටක් ලෙස ශ්‍රී ලංකායවට මැදිහත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් රජයක් ලෙස එම මැදිහත් වීම නොපිරිහෙළා ඉටු කරන්න රජය සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

