ජනාධිපති අරමුදලේ පාලක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ.

0
4

NEWSNOW | – ජනාධිපති අරමුදලේ පාලක සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය.

මේ වන විට පැවැත්වෙන සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ. ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍ර සිරි මායාදුන්නේ යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ඉල්ලීම් ඉටුනොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here