රාමසාන් උත්සවය සඳහා කුවේට් රජයෙන් රටඉඳි ටොන් 25 ක් පරිත්‍යාග කරයි.

0
121

NEWSNOW | – ලබන සතියේ ආරම්භ වන රාමසාන් උත්සවය සඳහා උපවාස කාලය වෙනුවෙන් කුවේට් රජය රටඉඳි ටොන් 25 ක් පරිත්‍යාග කර ඇත.

කොළඹ කුවේට් තානාපති කාර්යාලයේ පැවති විශේෂ රාමසාන් වැඩසටහනක් යටතේ මුස්ලිම් සංවිධාන 16 කට රටඉඳි බෙදා දීම සිදු කෙරුණි.

කුවේට් සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පුණ්‍යායතන 16 ක් හරහා මෙම රටඉඳි බෙදා හැරීමට නියමිතය.

කුවේට් පරිත්‍යාගශීලීන් ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ කටයුතු භාර ආචාර්ය මන්සූර් ජබ්බාර් හමුවිය. වැඩබලන තානාපති අබ්දුල්ලා අල් මුහන්නාස් මහතා රටඉඳි තොගය ප්‍රදානය කළේය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලද්දේ අල් හිමා සංවිධානයේ අධ්‍යක්ෂ අස්-ෂෙක් නූර් උල්ලා මවුලවි සහ එම්. ඉෂාක් මවුලවි විසිනි.