අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතු බව ජනපති අවධාරණය කරයි.

0
1

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමිනි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයකට නව මිනිසෙකු ගොඩනැඟීමට දරන ප්‍රයන්තයන්ට බාධා කරන්නේද ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට රජය සුදානම් බවත් එයට පොදු ජනතාවගේ සහාය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත් ය.

අවුරුදු 133ක පීඩාකාරී කොල්ලකාරී, යටත්විජිත පාලනයෙන් 1948 දී ලංකාවට නිදහස හිමිවු බවත්, සියවස් ගණනාවක් පුරා යටත්විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ කඳුළු දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here