කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු මරුට

0
1

NEWSNOW | – කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර ඇත්තේ අදාළ ගුවන් සේවය විසින් නිකුත් කළ මගී ලැයිස්තුවට අනුව, එම ගුවන් යානයේ, එරට දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකෙු සිට ඇති බව අනාවරණය වී ඇත.

මාර්තු මාසයේ පැවත්වීමට නියමිත එරට මැතිවරණයේදී ඔහු තරග කිරීමට සූදානම්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

HK4709 ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, දේශීය වේලාවෙන් පෙ.ව. 11:42 ට කුකුටා ගුවන් තොටුපළෙන් මිනිත්තු 40 ක කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වී තිබූ බව සඳහන් වේ.

කුකුටා සිට ඔකානා බලා ගුවන් ගත වූ සැණින් ගුවන් ගමනාගමන පාලනය සමඟ මෙම යානයේ තිබූ සම්බන්ධතා බිඳ වැටි ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට ඉතා ඉක්මනින් ගොස් තිබූ නමුත් දිවි ගලවා ගත් අය නොසිටි බව තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here