6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ සැලසුමක් සකස් කෙරෙනවා – අගමැතිනිය කියයි

0
3

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.

එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද අවධාරණය කර සිටි අග්‍රාමාත්‍යවරිය, වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද කියා සිටියාය.

‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

අද (29) අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ගුණධර්මවලින් හා සහකම්පනයෙන් යුතු සිසු පරපුරක් බිහිකරන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, දරුවන් ඔසවාගෙන යන පොත් බෑගයේ බර අඩුකිරීමෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙල පීඩනයෙන් තොරව ඉගෙන ගැනීමට අවශ්‍ය වටාපිටාවක් සකස් කිරීමට දායක කරගන්නා බවද කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here