දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අද (25)පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අනුව හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05කට එළඹෙන බවය.

