NEWSNOW | – වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.
පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.
මෙම වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වූ රෝගීන් ‘
වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.
පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.
මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට මෙන්ම අසරණ තත්ත්වයට පත්ව සිටිති.
මේ අතර මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව යළිත් 28 වනදා වර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

