ස්පාඤ්ඤයේ සිදුවූ දුම්රිය අනතුරකින් 39 දෙනෙකු මිය යයි.

0
115

ඊයේ(18) රාත්‍රියේ දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් රැසක් මෙහිදී තුවාල ලබා ඇත. මැලගා සිට මැඩ්රිඩ් බලා ගමන් කළ දුම්රියක් ඇඩමුස් අසලදී පීලි පැන තිබේ. පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 25 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පළමු දුම්රියේ එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම පෙරළී ගොස් තිබුණි.