නව තීරු බදු පැනවීමක් ගැන ට්‍රම්ප් අනතුරු අඟවයි.

0
5

ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පැනවීමට සූදානම් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඒ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

විදෙස්න මාධ්ව‍ය පැවසුවේ තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෙළිකර නොමැත.

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පැවසූ අතර, එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ට්‍රම්ප් අවස්ථා රැසකදී පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here