දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර දහයක රැඳවියන් ඔවුන්ගේ ආහාර වේලක් පරිත්‍යාග කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොනරාගල බන්ධනාගාරය, අගුණකොළපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ප්‍රයෝජනය සඳහා තම ආහාර වේල පරිත්‍යාග කර ඇත.
අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, පරිත්‍යාග කරන ලද ආහාර ද්‍රව්‍යවල වටිනාකම, බන්ධනාගාරය සහ පරිත්‍යාග කළ ස්ථානය ඇතුළුව පරිත්‍යාගයේ විස්තර පහත දැක්වේ.
නව මැගසින් බන්ධනාගාරය – රු. 450,710.00 – තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
වැලිකඩ බන්ධනාගාරය – රු. 454,630.00 – කොළඹ මහ නගර සභාව
බෝගම්බර බන්ධනාගාරය – රු. 367,949.00 – මැණික්හින්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මාතර බන්ධනාගාරය – රු. 105,046.80 – මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මහර බන්ධනාගාරය – රු. 386,010.00 – සිරස/ශක්ති මාධ්‍ය ජාලය
කුරුවිට බන්ධනාගාරය – රු. 195,150.00 – යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
යාපනය බන්ධනාගාරය – රු. 258,612.00 – යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මොණරාගල බන්ධනාගාරය – රු. 96,471.00 – මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය – රු. 540,679.00 – අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මඩකලපුව බන්ධනාගාරය – රු. 209,224.00 – මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.

