චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වෙයි.

0
14

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යළි ගොඩනැගීම පිළිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා නිල සංචාරයක් සඳහා අද (12) අලුයම දිවයිනට පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබුණි.

කෙසේවෙතත් සංචාරය නිමා කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පෙරවරු 10.30ට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here