පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

