ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස සේවය කළ ජුලී චංග් සිය ධූර කාලය නිමවා ලබන ජනවාරි මස 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ තානාපතිවරිය ලෙස වැඩ භාර ගැනීමට පෙර ජුලී චංග් බටහිර අර්ධගෝලයේ කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ.
ඇය එම ධූරය දැරූ සමයේදී මෙරට තුළ වඩාත් අවධානයට ලක්වු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරිය බවට පත්වූවාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ලෙස ධූරය භාරගත් ජුලී චංග් මෙරට සේවය කළ වසර 04ක කාලය තුළදී ඇයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් තිදෙනෙකු සමග කටයුතු කිරීමට සිදුවීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකිය.
ඇය සිය ධුරයේ වැඩ භාර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අක්ත පත්‍ර පිළිගැන්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ රජයට එරෙහිව මිරිහාන ප්‍රදේශයෙන් ආරම්භ වූ පළමු මහජන විරෝධතාවයට දින 34කට පෙරය.

