නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්සවීමට ගිය සී ප්ලේන් එකක් කඩා වැටෙයි.

0
116

NEWSNOW | – අද (07) දින දහවල් 12.30ට පමණ නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්සවීමට ගිය සී ප්ලේන් එකක් කඩා වැටී තිබේ.

එම ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.

ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.