NEWSNOW | – බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් ඩි මොන්ට්ෆෝට් විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය වෙනුවෙන් “ශ්‍රී ලංකාවේ පුනරාවර්තන අපරාධ සහ පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්හිටවූ දඬුවම් වල බලපෑම”(The Effect of Suspended Sentences on Recidivism and Promoting Rehabilitation in Sri Lanka: Comparative Insights from Selected Jurisdictions,”) සම්බන්ධයෙන් පර්යේෂණ නිබන්ධනයක් කරමින් නීතිඥ මොහොමඩ් ෂෙරිෆ්ඩීන් මොහොමඩ් ෆාහිම් මහතා මෙරට අධිකරණ කටයුතු සඳහා වැදගත් දායකත්වයක් ලබා දී තිබේ.
වසර හතරක ගැඹුරු විශ්ලේෂණාත්මක පර්යේෂණයකින් අනතුරුව, ඔහු විසින් ඉදිරිපත් කළ නිගමන ශ්‍රී ලංකාවේ නීතියේ දඬුවම් ක්‍රමය යථාර්ථ සහ සාක්ෂි මත පදනම් වූවක් කරගැනීමට විශාල මග පෙන්වීමක් ලබා දෙයි.
මෙරට නාවලපිටිය ප්‍රදේශයේ උපන් ඔහු මේ වන විට සිය පවුලේ අය සමඟින් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.
ඔහු මේ වන විට Earnest Law Chambers නැමති නීති උපදේශක ආයතනයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි.
මේ අනුව මොහම්මඩ් ෆාහිම් මහතාට අපගේද උණුසුම් සුබ පැතුම් පල කරන අතර ඔහුගේ මෙම මෙහෙවර මෙරට නීති ක්ෂේත්‍රයට සහ සමාජයට වැඩදායී එකක් වේවායි ප්‍රාර්ථනය කරමු.

