වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීම් සිදු වන බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ.
මධ්‍යම කැරකස් හි මිරාෆ්ලෝර්ස් මාළිගයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කර ඇති අතර එරට ආරක්ෂක හමුදා ඊයේ (05) රාත්‍රී 8ට පමණ ප්‍රතිචාර වශයෙන් වෙඩි තැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, අහසේ රතු එළි දුටු බවත්, අහසට එල්ල කරන ලද ප්‍රහාර ට්‍රේසර් උණ්ඩ මෙන් දිස්වූ බවත්ය.
වෙඩි ප්‍රහාරයෙන් පසු ආරක්ෂක හමුදා සාමාජිකයින් බොහෝදෙනෙක් මාළිගය දෙසට දිව යන වීඩියෝ දර්ශන පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ජනාධිපති මදුරෝ අමෙරිකාවට රැගෙන ඒමෙන් පසුව අරාජික වූ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ය.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය පවසා තිබුණේ තමන් අමෙරිකාව සමඟ දිගුකාලීන සහයෝගීතාවෙන් යුතුව ඉදිරි කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි.

