NEWSNOW | – වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ අමෙරිකානු හමුදා මෙහෙයුමේදී කියුබානු සටන්කාමීන් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය පවසා තිබේ.
මෙම සිදුවීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද සහ හෙට දිනයේදී ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බවත් සඳහන් වේ.
අමෙරිකාවේ මෙම මෙහෙයුම සම්බන්ධව අදහස් දක්වා ඇති කියුබාව මෙම මෙහෙයුම දැඩිව විවේචනය කර තිබේ.
කියුබානු රජය චෝදනා කර ඇත්තේ මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බවය.
මේ අතර අමෙරිකානු ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවටද අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළ කළේය.

