වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
138

NEWSNOW| –  වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම පොහොය දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක සිදූවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.