කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක්.

0
16

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ, බලතල අවභාවිතය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් පත් කළ කොමිසමෙන් 2010 සිට 2025 කාලසීමාව තුළ නගර සභාවේ සිදුවූ දූෂණ , බලය අවභාවිතය වැනි අක්‍රමිකතා සෙවීමට බලාපොරොත්තු වේ.

එහි කොමසාරිස්වරුන් වන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී E. R. M. S. H. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී D. S. වික්‍රමසිංහ යන අය අයයි.

රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීමද මෙම කොමිසන් සභාවට පැවරෙන කා්ර්ය අතරට ඇතුළත් ය.

එකී කරුණු විමර්ශනය කර මාස 06 ක් ඇතුළත වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here