කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි.

0
22

NEWSNOW | – ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත්වුණි.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

එවන් පසුබිමක අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here