තායිලන්තය සහ කාම්බෝජය අතර අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මකයි.

0
4

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීමට සටන් විරාම ගිවිසුමකට දෙපාර්’ශව අද (27) අත්සන් තබා තිබේ.

තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්’කෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බවය.

දෙරටේ දේශසීමා අතර පසුගය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ පුද්ගලයින් 101ක් පමණ මියගොස් ඇති අතර දෙපාර්’ශයේම මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here