කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්.

0
113

අද (20) පෙරවරුවේ සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

තවද කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි