වැල්ලම්පිටිය වේන්නවත්තේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කායල්පට්ටිනම් ජනතාවගෙන් සහනාධාර.

0
8

පසුගියදා රටේ ඇතිවුණු ආපදා තත්ත්වයත් සමඟ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් විවිධ උත්සහයන් නිමින් සිටියි.එවැනි අවස්තාවක එම ජනතාවට පිහිට වෙමින් ජාතීන් අතර සාමය සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් පහන මාධ්‍ය වන අපටද දායක වීමට ලැබීම ගැන අපි සතුටට පත් වන්නෙමු.

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුරෙන් අඩි 7ක් පමණ උසට ගංවතුර තත්ත්වය ඇතිවූ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ජනතාවට මෙතෙක් කිසිදු ආධාරයක් ලැබී නොමැති බවට වාර්තා වීමත් සමඟ ඔවුන්ට කිසියම් උපකාරයක් කිරීමට පහන මාධ්‍ය ආයතන සහ මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ එක්ව කටයුතු කළේය.

මෙහිදී අපට මුල්‍යමය වශයෙන් ශක්තියක් වුයේ තමිල්නාඩු ප්‍රාන්තයේ කායල්පට්නම් ප්‍රජාවයි. එම අසල්වැසි රටේ සහෝදර ජනතාව ලබා දුන් මුදල් විපතටපත් මෙම ජනතාව වෙනුවෙන් ලබාදීම පහන මාධ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ අශ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා සහ සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ සභාපති ෂාම් නවාස් මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here