මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ , ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ආපදා වලින් පීඩාවට පත්ව සිටි පිරිසක් පසුගිය සෙනසුරාදා පැමිණ සැකකාර මන්ත්‍රීවරයාගෙන් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ පහර දීමක් සිදුව තිබුණි.
පහර කෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගත කළ අතර ඒ සම්බන්ධයෙන් ද සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.
එම සිද්ධියට මැදිව තිබූ තවත් පුද්ගලයෙකු නිවසට පැමිණීමෙන් පසුව රෝගී වී රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වු බව පොලීසිය සඳහන් කළේ ය.
එම පුද්ගලයාද පහර කෑමකට ලක්ව ඇතැයි විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන්, සර්වජන බලය පක්ෂයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් පෙරේදා යළි අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
මිය ගියේ 40 හැවිරිදි එම්. ආර්. නයිසර් නමැති එක්දරු පියෙකි.

