6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා තෙවන වාර පරීක්‍ෂණ නොපවත්වන්නැයි යළි දැනුම් දීමක්.

0
153

NEWSNOW | – 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබේ.

මේ අනුව අදාළ නිලධාරීන්ට සහ විශේෂයෙන් සියලු ම විදුහල්පතිවරුන් වෙත මෙම නිවේදනයක් නිකුත් කර ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.

මේ සම්බන්ධයෙන් මීට පෙරද දැනුම් දී තිබූ අතර එම උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස මෙවර සඳහන් කර ඇත.