ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ – විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

0
10

NEWSNOW | – ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම් මාලාවෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් සිදුවී නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා බලධාරීන් සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ රැස්ව සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබූ අතර, එහිදී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් 42 දෙනෙකු තුවාල ලැබීය.

ඊයේ බොන්ඩි වෙරළ තීරයේ 1,000 ක් පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවේ ආගමික උත්සවය වන ‘හනුක්කා’ උත්සවය තුවක්කුකරුවන් විසින් ඉලක්ක කර ගෙන ඇති බව වාර්තාවලින් හෙළි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here