රට යථා තත්ත්වයට පත්කරන්න නිවැරදි දත්ත අවශ්‍යයි – අගමැති කියයි.

0
2

NEWSNOW | – පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක්රැස් කරගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයෙ (10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත්කරගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“නව සංවර්ධන වැඩ පිළිවෙළකට යාමේදී අපිට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති වීම. බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් වගේම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ඉතා වැදගත් ග්‍රාමීය මට්ටමේ තොරතුරු නිවැරදි ව දන්නේ ඒ පිරිස. ඒ නිසා ප්‍රාදේශිය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here