ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළට

0
150

NEWSNOW | – අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ නිවේදනය කළේය.

පසුගිය නොවැම්බර් 16වනදා සිට මේ දක්වා කාලය තුළලද තොරතුරු අනුව මෙම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව සිටියි.

එමෙන්ම පවුල් 48,559ක පුද්ගලයින් 171,492ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.