ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සලසන්න ජමියතුල් උලමා සභාව ප්‍රමුඛ ප්‍රජා සංවිධාන එකට එක් වෙයි.

0
21

ආපදාවට ලක්වූවන්ට සහන සලසන්නැයි ජමියතුල් උලමා සභාව සියලුම ප්‍රජා සංවිධාන දැනුවත් කරයි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මගින් කැඳවනු ලැබූ රැස්වීමක් අද (29)දින පස්වරුවේදී පැවැත් වුණි.

ඊට සහභාගි වූ සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ සම්මේලනය සභාපති ෂාම් නවාස් මහතා , දේශගුණික විපර්යාසය නිසා ඉතා දරුණු ලෙස පීඩා විඳින ජනතාවට සහනය සැලසීම සඳහා රජය හා මැදිහත්ව කටයුතු කිරීමට තම සංවිධානයද කැපවී සිටින බව පැවසුවේය.

මේ ජනතාවට සහන සැලසීම සඳහා මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සහ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු අවස්ථාවක් බවත් ඔවුන් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් රජයට අවශ්‍ය සහයෝගයන් ලබා දෙන ලෙස ලෝවාසි සියලු රටවල් වල තම තමන්ගේ රජයන්ගෙන් හා අනෙකුත් සංවිධාන වලින් ඔවුන් ඉල්ලා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here