ආපදා ප්‍රදේශවල සියලු දෙනා ආරක්ෂිත ස්ථානවලට ස්ථානගත වන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ  සම්මේලනයෙන් ඉල්ලීමක්.

0
24

දිවයිනට බලපෑ ‘ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල බහුතර ජනතාව ව්‍යසනයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ එම ප්‍රදේශවල  ජීවත්වන සියලු දෙනා ආරක්ෂිත ස්ථානවලට ස්ථානගත වන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ  සම්මේලනය ඉල්ලීමක් කරයි.

ඔවුන් ගෙවල් වලින් නික්මෙන විට අවශ්‍ය කරන අත්‍යාවශ්‍යම ලිපි ලේඛන සහ බෙහෙත් ආදී දේවල් පමණක් රැගෙන ආරක්ෂිත ස්ථාන කරා නික්මෙන ලෙසත්, ඔවුන්ගේ සෞඛ්‍ය හා අනෙකුත් අවශ්‍ය දේවල් සපයා දීම සම්බන්ධයෙන් රජය හා අනෙකුත් ආයතනයන් දැනුවත් කිරීමට තම සංවිධානය වන සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ  සම්මේලනය කටයුතු කරගෙන යන බවත්, දැනුම් දෙයි.

මෙකී ජනතාව ඔවුන් ස්ථානගත වී සිටින ස්ථානයන් පිළිබඳව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරීමට ඔවුන්ට තම විස්තර ලබාදෙන ලෙසත්, මෙම අනපේක්ෂිත ව්‍යසනයට මුහුණ දෙමින් සිටින සියලු දෙනා දිරිමත්ව හා ඉතා කල්පනාකාරී ලෙස කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ  සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආපදා ප්‍රදේශවල සියලු දෙනා ආරක්ෂිත ස්ථානවලට ස්ථානගත වන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ  සම්මේලනය ඉල්ලීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here