NEWSNOW | – 2025 නොවැම්බර් 25 කොළඹ දී – කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් Inglish Razor, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Rotract සමාජය සමඟ එක්ව ”ඇය වෙනුවෙන් පොරොන්දුවක් යන තේමාව පාදක කරගත් ප්‍රබල සමාජ මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් මුල පුරයි.
නොවැම්බර් 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී මෙම වැඩසටහන දියත් කෙරුණු අතර එහි අරමුණ වූයේ, කාන්තාවන්ට එරෙහිව ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වයේ භායානක ස්වභාවය දිනෙන් දින ඉහළ යාම මර්දනය කිරීම සඳහා ක්‍රියාකාරී ස්ථාවරයක් ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව විශේෂයෙන් ම Inglish Razor සන්නාමයේ ඉලක්කගත ග්‍රාහකයින් වන විශ්වාසයෙන් අරමුණක් මත ක්‍රියා කරන තාරුණ්‍යයෙන් ඉල්ලා සිටීමයි.
2024 වර්ෂයේ දත්ත වාර්තාවලට අනුව රට තුළ අන්තර්ජාල අපයෝජන වැඩි වී තිබෙන අතර එය දෛනික සිදුවීම් 59ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2019 වර්ෂයේදී වාර්තා වූයේ දිනකට 10 ලෙසයි. රූප මත පදනම් වූ අපයෝජන, සයිබර් හිරිහැර සහ අනුකරණාත්මක අපහස හා හිරිහැර ඇතුළත් සිදුවීම් 21,000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව සිදු වන බව වාර්තා වේ. විශේෂඥයින් අවධානාත්මක ලෙස අනතුරු අඟවන්නේ මෙම සංඛ්‍යාව නිශ්චිතව වාර්තාවන සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවයි. එම හිංසනයන්ට ගොදුරු වී අගතියට පත් පාර්ශව විවිධාකාර පෞද්ගලික හා සමාජ හේතු සාධක මත ඒවා සමාජයට හෙළි නොකිරීම එයට හේතුවයි.
මෙම අවස්ථාවට ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥවරියක් වන රිෂිනි බණ්ඩාර මහත්මිය ඇතුළු ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරීන් සහ විශේෂඥයින් රැසක් සම්පත් දායකයින් ලෙස සහභාගී වූ අතර, ඔවුන් වින්දිතයින් අත්විඳින චිත්තවේගීය හා මානසික කම්පනය ඉස්මතු කලහ.

මෙම අවස්ථාවට සහභාගී වූ TruVic Consumer හි ප්‍රධාන විධායක නිලධාරී රවී ද කූඥ්ඥ මහතා ප්‍රකාශ කර සිටියේ, ” Inglish Razor අපි විශ්වාස කරන්නේ සැබෑ කැපිලා පෙනීම බාහිර පෙනුමෙන් ඔබ්බට යන බවත්, මෙම සමාජ ගැටලුවට ප්‍රතිචාර ලෙස, චරිතය සහ කෙනෙකුගේ ක්‍රියාකලාප සැබැවින්ම කැපිලා පෙනීමට හේතු වන බවත් සමාජයට අවධාරණය කිරීමයි. ඒ වෙනුවෙන් අපි අපගේ Inglish Razor සන්නාමයේ හරය වන “කැපිලි කෙටිලි මැද කැපිලා පේන්න කපන්න “ යන තේමාව බල ගන්වමින් කාන්තාවන්ට එරෙහි ඩිජිටල් හිංසනය වලක්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින කැපිලා පෙනෙන තරුණයින් බිහි කිරීමට තාරුණ්‍යය පොළඹවා සවිබල ගන්වමු. “ යනුවෙනි.
TruVic Consumer සමාගම පුද්ගලික සත්කාර, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන පිළිබඳ විශේෂඥයින් වන අතර, ශ්‍රී ලංකාවේ Inglish Razor, Polo, සහ La Brezza ඇතුළු ගෝලීය සන්නාම සඳහා නිවහන වේ.
ඩිජිටල් දිවුරුම් ප්‍රතිඥාව:
ආදරණිය නැගණියනි, මම COMMENT එකකින්වත්, ආදරණිය අක්කේ, මම SHARE එකකින්වත්, ආදරණිය යෙහෙළියනි, මම LIKE එකකින්වත්, MESSAGE එකකින්වත්, අසභ්‍ය ඉල්ලිමකින්වත්, තර්ජනයකින්වත්, ඩිජිටල් ලෝකයේ ඔබට වැටෙන මේ හිංසා කැපිලි කෙටිලි පිටු දකින සහෝදරයෙක් වෙන බවට දිවුරා පොරොන්දු වෙමි.
(http://www.pickoriginals.com/pledge) හරහා හෝ දිවයින පුරා සිටින Inglish Razor අලෙවි නියෝජිතයින් සහ Rotract සමාජයේ සාමාජිකයින් මඟින් ඩිජිටල් ප්‍රතිඥාව ලබා දීමට Inglish Razor සියලුම ශ්‍රී ලාංකික තරුණයින්ට ආරාධනා කරයි. මෙම කැපිලා පෙනෙන ජනතා හඬට එකතු වීමට කැමති ඕනෑම කෙනෙකුට QR කේත හෝ URL මඟින් එයට සම්බන්ධ විය හැකිය. නීතිමය රාමුව ශක්තිමත් කිරීමේ උත්සාහයන්ට සහාය වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙම ප්‍රතිඥා ඉදිරිපත් කරනු ලැබේ.


