NEWSNOW| – රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල්බ් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (25) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත , මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති .
මෙම හිමියන් 11/25 දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය කටුනායක බලා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර , එම ඇසිල්ලේ ගුවන් යානය තුළ සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ .
ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත.
පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසුව , සිය නිශ්කාශන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි සොයත්දී ගමන් මල්ල තුළ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වී තිබේ .
ඒ තුළ යූරෝ 250 ක් , ස්ටර්ලින් පවුම් 100 ක් , ඇමෙරිකානු ඩොලර් 250 ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක් ද විය .
වහා ක්‍රියාත්මක වූ හිමියන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර , පොලීසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය සදහා හිමියන් ද සමග පැමිණ තිබේ .
එහිදී එම චීන ජාතිකයන් වහ වහා ගුවන් තොටුපොළෙන් ත්‍රිරෝද රථයක නැගී පළා යන දර්ශන දැක ගත හැකි වූ අතර , ගුවන් තොටුපොළ ත්‍රීරෝද රථ සංගම් වල සහායෙන් එම ත්‍රීරෝද රථය හදුනා ගෙන ඒම චීන ජාතිකයන් දෙදෙනා , එම විදේශීය මුදල් තොගය සමග අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
පසුව සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී මෙම මුදල් රැගෙන මෙම චීන ජාතිකයන් දෙදෙනා අද (26) දින කොළඹ කැසිනෝ ක්‍රීඩාව සදහා තමන් සැළසුම් කර තිබූ බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයන් වන්නේ 31 හැවිරිදි චෙන් මින් මින් සහ 58 හැවිරිදි චෙන් ක්‍රියු නැමැත්තන් ය .
මෙම චීන ජාතිකයන් දෙදෙනා අද කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
(ටී.කේ.ජී. කපිල)

