හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චෙන්නායි නුවර බලා පිටත් වෙයි.

0
133

NEWSNOW | –  හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටින්නීය.

අද උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය.