NEWSNOW | – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමේ සූදානමක් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්’තා කරයි.
දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම සංචාරය සූදානම් කරන බවත් සඳහන්වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රේෂ්ඨ මිනිසෙකු බවත් ඔහුට ප්‍රශංසා කරමින් හොඳ මිතුරෙකු ලෙසත් මෝදිව හඳුන්වාදී තිබුණි.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ අගමැති මෝදි සමග සිදුවෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යමින් ඇති බවත්ය.

