පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීමට රජයට කාලයක්.

0
130

NEWSNOW | – පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි. ඒ අනුව ලබන 07 වන දින දක්වා ඒ සඳහා කල් ලබා දී ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.