කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී මත්ද්‍රව්‍ය සමඟ පිරිසක් අත්අඩංගුවට

0
116

NEWSNOW| –  මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ මෙම සංගීත ප්‍රසංගය පවත්වා තිබේ.

එම ප්‍රසංගය නැරඹීම සඳහා 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇත.

මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 31 දෙනා සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුවන් අද (02) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.