ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම ලබයි

0
4

NEWSNOW| –  ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් අද  (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවය කළ නිලධාරියෙකු විය. ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගන්නා ලදි.

මේජර් ජෙනරල් වනිගසූරිය සිය ධූර කාලය තුළ ජාතික ආරක්‍ෂාව සඳහා සිදුකලා වූ කැපී පෙනෙන සේවය සහ දායකත්වය අගයමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් තම ප්‍රසාදය හා ප්‍රශංසාව ඔහු වෙත පුද කර සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here