ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනපති ප්‍රධානත්වයෙන්

0
11

NEWSNOW | –  ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්වුණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹ වීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම අරමුණු කර ගනිමින් මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසිනි.

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදනය ඉහළ නැංවීම, නිෂ්පාදන ඵලදායීතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මගින් ලැබෙන දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here