රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණ හිටී

0
19
KYIV, UKRAINE - NOVEMBER 05: A woman looks at generator that powers a cafe if there is a power cut on November 05, 2022 in Kyiv, Ukraine. Electricity and heating outages across Ukraine caused by missile and drone strikes to energy infrastructure have added urgency preparations for winter. (Photo by Ed Ram/Getty Images)

NEWSNOW | – රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ.

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් එහි විදුලි පද්ධතියම බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්වේ.

මෙම ප්‍රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

රුසියාව යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමේදී බලශක්ති සැපයුම්, දුම්රිය, නිවාස සහ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් සිවිල් යටිතල පහසුකම් මත එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

චර්නිහිව් කලාපය රුසියාව සහ බෙලරුස් යන දෙඅංශය සමඟම දේශසීමාවක් බෙදා ගෙන ඇති අතර, මෙහි ගුවන් ආරක්ෂක කලාපයට පැමිණෙන ඕනෑම යානයකට ක්ෂණිකව ප්‍රහාර එල්ල වන බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here