කැරට් 24 රන් පවුමක මිල ප්‍රථම වරට රුපියල් ලක්ෂ 4 ඉක්මවා යයි.

0
402

NEWSNOW | – ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුමක මිල ප්‍රථම වරට රුපියල් ලක්ෂ 4 ඉක්මවා ගොස් තිබේ.

සමස්ත ලංකා රන් ආභරණ වෙළෙන්දන්ගේ සංගමයට අනුව, අද උදෑසන වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙසම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිල රුපියල් 15,000 කින් ඉහළ ගොස් ඇති බව සංගමය වැඩිදුරටත් පැවසීය.