පාකිස්තානු රජයේ ප්‍රකාශයකයෙකු වන ජබිහුල්ලා මුජාහිබ් පවසන පරිදි ඇෆ්ගනිස්ථානය හා පකිස්තානය අතර පවතින ගැටළුකාරී තත්ත්වය අද දිනයේ බොහෝ දුරට නිමාවන බව පවසා තිබේ.
මේ අනුව පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇත.
ඒ පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා ය.
පාකිස්තාන ඉල්ලීමක් මත මෙම සටන් විරාමයට සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනය පවසයි.
ඇෆ්ගනිස්තානය-පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් මේ වනවිට දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ජීවිත්‍යක්ෂයට පත්ව ඇත.